LAUGFS Power Limited ජනවාරි 16 සිට LAUGFS Power Plc වෙයි….

ලාෆ්ස් සමූහයට අයත් LAUGFS Power Limited හි නාමය 2020 ජනවාරි 16 වැනිදා සිට LAUGFS Power Plc ලෙස වෙනස් වන බව එම සමූහය දන්වා සිටියි.

LAUGFS Power Limited සමාගම කොළඹ කොටස් වෙළද පොළෙහි ලැයිස්තුගත සමාගමක් බවට පත්වීමත් සමගම මෙම නම් වෙනස් කිරීම සිදුව තිබේ.

2019 ඔක්තෝබර් මාසයේදී සමාගම කොළඹ කොටස් වෙළද පොළෙහි ගනුදෙනු ඇරඹීය.

එසේම නව සමාගමේ ලියාපදිංචි අංකය PB 1595 PQ ලෙසත් සදහන් කෙරී ඇත.

පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයේ යෙදෙන  
LAUGFS Power Plc සතුව මෙරට විශාලතම සූර්ය විදුලි බලාගාරය හිමිය. එමගින් ජාතික විදුලි පද්ධතිය වෙත 40 GWh ක් ලබා දෙයි.

Visits: 54

Leave a Reply

Your email address will not be published. Required fields are marked *