2019 අවසන් කාර්තුව සඳහා NBT බදු වාර්තාව ජනවාරි 20ට පෙර භාර දෙන ලෙස ඉල්ලයි…

ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT – Nation Building Tax) සම්බන්ධයෙන් සිදුකර ඇති සංශෝධන යටතේ 2019 දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වන කාර්තුව සඳහා අදාළ බදු වාර්තාව 2020 ජනවාරි 20 දිනට හෝ එදිනට බෙර භාර දිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලුම බදු ගෙවන්නන් වෙත නිවේදනය කරයි.

වර්තමාන රජය මගින් දෙසැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජාතිය ගොඩනැගීමේ බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම මේ තත්ත්වය ඇති වීම සඳහා හේතුව වී තිබේ. 

ඒ අනුව පිරිවැටුම රුපියල් මිලියන 25 ඉක්මවන, දේශීයව සකසා ගත් කෘෂි භෝග වෙළෙඳ පොළට සකස් කිරීම සම්බන්ධ ව්‍යාපාරයක නිරත යම් තැනැත්තෙකු/හවුල් ව්‍යාපාරයක් හෝ පිරිවැටුම රුපියල් මිලියන 3 ඉක්මවන, වෙනත් යම් තැනැත්තෙකු – 2019 ඔක්තෝබර් 01 දින සිට 2019 නොවැම්බර් 30 දක්වා – වන කාලසීමාව සඳහා බද්දට යටත් පිරිවැටුම මත ජාතිය ගොඩනැගීමේ බද්දට යටත් වන බවත් දෙපාර්තමේන්තුව පවසයි.

එසේම 2019 ඔක්තෝබර් 01 වන දින සිට 2019 නොවැම්බර් 30 දක්වා වන කාලසීමාව සඳහා පිරිවැටුම, ජාතිය ගොඩැගීමේ බදු වාර්තාවේ බද්දට යටත් පිරිවැටුම යටතේ අදාළ කොටුවෙකි ප්‍රකාශ කළ යුතු බවත්, 2019 දෙසැම්බර් මාසය සඳහා වන පිරිවැටුම, බද්දට යටත් නොවන පිරිවැටුම යටතේ ‘w’ කොටුවෙහි ප්‍රකාශ කළ යුතු බවත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Visits: 27

Leave a Reply

Your email address will not be published. Required fields are marked *