‘පට්පට්’ ගා කෑම බෙදන්න ඉන්දියානු සමාගමකුත් කොළඹට එයි…

ඇප් වැඩසටහනක් හරහා – ආහාර ඇතුලු තවත් භාණ්ඩ ඇනවුම් ගෙනැවිත් භාරදීම සිදු කරන – ඉන්දියාවේ හර්යානාහි පවත්වාගෙන යන fatafat සමාගම නුදුරේදීම කොළඹ නගරයේදී ද සිය මෙහෙයුම් ඇරඹීමට සූදානමින් සිටින බව Economy & Business Sri Lanka වෙත වාර්තා වෙයි.

එම සමාගමේ මෙරට කාර්යාලය අංක 133, හැව්ලොක් පාර, කොළඹ 05 පිහිටා ඇත.

මෙම සේවාව ඇරඹීම සදහා ඩිලිවරිකරැවන් බදවා ගැනීම්ද දැන් සිදු වෙමින් පවතී.

දැනට මෙරට තුළ මෙම සේවාව ලබා දෙන Uber eats සහ Pickme foods (මේවාට අමතරව තවත් ආහාර ඩිලිවරි ඇප් වැඩසටහන්ද කොළඹ ඇත.) වෙත තරගයක් ලබා දීම fatafatහි අරමුණ වී තිබේ. 

ඉන්දියාවේ නගර 20ක මෙහෙයුම් සිදු කරන fatafat මේ දක්වා ඩිලිවරි කෝටියක් සිදු කර ඇති බවද පවසයි.

කෙසේ වෙතත් දැනටමත් කොළඹ නගරය තුළ ආහාර ඩිලිවරිකරැවන්ගේ ගණනද දරාගත නොහැකි මට්ටමින් ඉහළ යමින් තිබෙන බව වාර්තා පවසයි. ඒ නිසා ඔවුන් දිනකට උපයන ආදායමද පහළ බැස තිබේ.

Visits: 34

Leave a Reply

Your email address will not be published. Required fields are marked *