දිනකට ලක්ෂ දහයකට අධික පාඩුවක් ලබන NLDB ආචාර්ය මංජුලට භාරදෙයි…

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ (NLDB) සභාපතිවරයා ලෙස ආචාර්ය මංජුල පී. සුමිත් මාගමගේ මහතා පත් කර තිබේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය වේදය පිළිබඳ විශේෂ උපාධිය ලබාගැනීමෙන් අනතුරුව ඒ මහතා ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ වසර 20 ක පමණ කාලයක් සේවය කර ඇත. 

ඔහු පශු වෛද්‍ය විද්‍යාව, සත්ත්ව පාලනය, සත්ත්ව නිශ්පාදනය, සත්ත්ව ප්‍රජනන ජෛව තාක්ෂණය සම්බන්ධව මනා ප්‍රවීණත්වයක් ඇති කේෂත්‍රයේ විශේෂඥයෙකි. 

ජපානයේ කෝබේ විශ්ව විද්‍යාලයේ සිය දර්ශන ශූරී සහ දර්ශනපති උපාධිය ලබා ගෙන ඇති ඔහු ඇමරිකාවේ නෙබ්බ්‍රස්කා විශ්ව විද්‍යාලයේ, කැනඩාවේ කැල්ගරි විශ්ව විද්‍යාලය, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලය, ඉන්දියාවේ ජාතික සත්ත්ව ජෛව තාක්ෂණ ආයතනය සහ ඉන්දියාවේ පශු පර්යේෂණ ආයතනය වැනි ආයතන වල සිය පර්යේෂණ කටයුතු මෙහෙයවූ විෂය ප්‍රවීණයෙකි. 

පශු සම්පත් සංවර්ධනය පිළබඳව සහ රටේ පශු නිෂ්පාදන සංවර්ධනය සම්බන්ධව විශාල උනන්දුවක් දක්වා ඇති ආචාර්ය මාගමගේ ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයාද වේ.

රජයක් මගින් පාලනය වන ලොව ඇති විශාලතම කිරි ගොවිපළ වන රිදියගම ‍ගොවිපළ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ඇති ගවයින් 2850 ක් පමණ සිටින ශ්‍රී ලංකාවේ ඇති විශාලතම කිරි ගොවිපළද වේ. එයද ඇතුළුව ගොවිපළ 31 ක පමණ ප්‍රමාණයක් පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතුව ඇත.

කෙසේ වෙතත් දැනට දිනකට මිලියනයකට අධික පාඩුවක් ලබන ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය නැවත නඟා සිටුවීම ආචාර්ය මාගමගේට පැවරී ඇති වගකීමකි.

Visits: 41

Leave a Reply

Your email address will not be published. Required fields are marked *