VAT ලියාපදිංචිය අක්‍රිය කෙරුණු ලැයිස්තුව නිකුත් වෙයි

පුද්ගලයන් සහ ආයතන 55,500ක් ඒ අතර

එකතු කළ අගය මත බදු නොහොත් වැට් බදු අය කරගැනීම සඳහා පුද්ගලයන් සහ ආයතන ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ ලියාපදිංචි වීමට අදාළ පිරිවැටුම් සීමාව මාසයක් සඳහා රුපියල් මිලියන 1 සිට රුපියල් මිලියන 25 දක්වා වැඩි කිරීමත් සමගම මෙතෙක් ඒ සඳහා ලියාපදිංචි වී සිටි පිරිසකගේ වැට් ලියාපදිංචිය අක්‍රිය කිරීම 2020 ජනවාරි 01 වැනිදා සිට සිදු විය.

ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ඊට අදාළ වැට් ලියාපදිංචිය අක්‍රිය කිරීමේ ලැයිස්තුව නිකුත් කිරීමට පසුගියදා පියවර ගෙන ඇත. 

පිටු 1087කින් සමන්විත එම ලැයිස්තුවේ ඇතුළත් වැට් අක්‍රිය කෙරුණු සමස්ත පුද්ගල සහ ආයතන සංඛ්‍යාව 55,000ක් ලෙස ගණන් බලා ඇත. 

මේ පිළිබඳව වන නිවේදනය ශ්‍රී ලංකා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය මෙසේ අදාළ තැනැත්තන්ගේ නම් සහ ලියාපදිංචි අංක ප්‍රසිද්ධියට පත් කිරීම අනිවාර්යය කරුණක් බවත්, එසේ ප්‍රසිද්ධ කරන ලැයිස්තුව මාසිකව යාවත්කාලීන කෙරෙන බවත් දන්වා සිටියි. 

“2002 අංක 14 දරණ එකතු කළ අගය මත බදු පනතේ 15 වැනි වගන්තිය ප්‍රකාර දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් එකතු කළ අගය මත බදු සඳහා වූ ලියාපදිංචිය අක්‍රිය ලෙස තීරණය කරනු ලබන අවස්ථාවක, 73 වන වගන්තියේ විධිවිධානවල කුමක් සඳහන් වුවද, එසේ ලියාංපදිචිය අක්‍රිය කරන ලෙස තීරණය කරනු ලැබූ තැනැත්තන්ගේ නම් සහ ලියාපදිංචි අංක දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කරනු ලැබිය යුතු අතර, එසේ ප්‍රසිද්ධ කරනු ලැබූ ලැයිස්තුව මාසිකව යාවත්කාලීන කරනු ලැබිය යුතුය.” යනුවෙන් එහි සඳහන් වෙයි.

http://www.ird.gov.lk/…/sitepag…/inactive%20vat%20list.aspx…#

වෙබ් ලිපිනය හරහා ලැයිස්තුව වෙත පිවිසිය හැකිය.

Visits: 26

Leave a Reply

Your email address will not be published. Required fields are marked *