මහනුවර ලක්සල ප්‍රදර්ශනාගාරය නව මුහුණුවරකින් යළි විවෘතවේ..!

විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණය ලබා ගැනීමට හැකිවන සේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් සමන්විත ප්‍රදර්ශනාගාරයක් බවට පත්කොට ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය(ලක්සල) මහනුවර ප්‍රදර්ශනාගාරය අද(02) විවෘත යළි විවෘත විය.

නව ප්‍රදර්ශනාගාරය අංක 05, සංඝරාජ මාවත, මහනුවර යන ස්ථානයේ පිහිටා ඇත.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ ගරු අමාත්‍ය විමල් විරවංශ මහතා අතින් එය විවෘත වී තිබේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩල (ලක්සල) නව සභාපති සුජීව පල්ලියගුරුගේ මහතා ද එක්ව ඇත.

Visits: 83

Leave a Reply

Your email address will not be published. Required fields are marked *